අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි අනුව ඉන්ධන බෙදාහැරීම හෝ බලශක්ති ක්ෂේත්රයේ කටයුතුවලට බාධා එල්ල කරන සහ නීතිවිරෝධීව කටයුතු කරන වෘත්තීය සමිති සහ සේවකයන්ට එරෙහිව විනය සහ නීතිමය කටයතු සිදු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු බලශක්ති ක්ෂේත්රය අත්‍යවශ්‍ය සේවා ලෙස පසුගිය මාස හයක සිට ගැසට් නිවේදනයක් මඟින් නීතිගත කර ඇති බවයි.