මුඛයේ ආබාධයක් සහිතව කහල්ල පලුලේකැලේ අභය භූමියේ සැරිසරණ ඇත් පැටවකුට ප්‍රතිකාර ලබාදීමට නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය ඉසුරු හේවා කෝට්ටගේ ඇතුළු නිලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
ගල්කිරියාගම වන සත්ත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් කහල්ල පල්ලේකැලේ අභය භූමිය තුළ ආඩියාගල හිගුරුවැව ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී මුඛයේ ආබාධ තත්ත්වයක් සහිත මෙම ඇත් පැටවා සොයා ගෙන තිබේ.
වනජීවී නිලධාරීන් අනුමාන කරන්නේ රෝගී තත්ත්වයෙන් පෙළෙන මෙම ඇත් පැටවා වයස අවුරුදු පහක් පමණ වනු ඇති බවයි.
අඩි එකහමාරක් පමණ හොඳින් වැඩුණු දළ යුගලයක්ද සහිත එම ඇත් පැටවාගේ උස අඩි 05කි. නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවා කෝට්ටගේ විසින් එම ඇත්පැටවාට අවශ්‍ය ප්‍රතිකාර සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.


