23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෝටර් රථයක් යතුරු පැදියක ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

මෝටර් රථයක් යතුරු පැදියක ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඊ‍යේ (01) ගම්පොළ නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ඇත්ගාල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් 19 හැවිරිදි හා 20 හැවිරිදි වයස්වල පසු වූ තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි ඇත්ගාල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ උඩුනුවර වෙලම්බොඩ පාසල් පටුමගේ හා ලියන්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.

මෙයින් එක් අයකුගේ පියෙකුට අයත් නාවලපිටිය ප්‍රදේශයේ ඇති තේ කර්මාන්තශාලාවකට ගොස් යළි නිවස බලා යමින් සිටියදී ගම්පොළ සිට නාවලපිටිය දෙසට යමින් තිබූ මෝටර් රථයක මෙම යතුරුපැදිය ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

යතුරු පැදියට ඉදිරියෙන් ගමන් ගත් තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවත් එය ඒ අසල තිබූ වෙළඳසැලක සී. සී .ටීවී කැමරාවක සටහන්ව තිබූ බවත් පොලිසිය පැවසුවා.

මෝටර් රථයේ රියැදුරා ඇත්ගාල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගාල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.