කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 – 800 අතර මුදලකින් ඉහළ යෑමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම මිල ඉහළ දැමීම ලබන 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 200 – 300 ත් අතර මුදලකින් සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 100 කට ආසන්න මුදලකින් මිල ඉහළ යෑමට නියමිතය.


