― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසැමියා පැදවූ යතුරුපැදියෙන් වැටී බිරිඳ ජීවිතක්ෂයට

සැමියා පැදවූ යතුරුපැදියෙන් වැටී බිරිඳ ජීවිතක්ෂයට

සැමියා පැදවූ යතුරු පැදියෙන් බිමට වැටී තුවාල ලබා රෝහල්ගත කර ඇති කාන්තාවක් මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ ආණමඩුව, සියඹලාගස්හේන, වඩත්ත පදිංචිව සිටි කාන්තාවක් වන අතර අනතුරට පත්ව ඇති යතුරු පැදිය පදවා ඇති සැමියා කොට්ටුකච්චිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුවී තිබෙන්නේ පසුගිය 04 වැනිදා රාත්‍රී 7.45 ට පමණ මහකුඹුක්කඩවල මාර්ගයේදී ය. අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය වී ඇති බවත්,එය වංගුවක් සහිත ස්ථානයකදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්ව ඇති බවත් පොලීසිය සඳහන් කරන අතර යතුරු පැදියේ පසුපස ආසනයේ ගමන් කරමින් සිටි කාන්තාව අනතුර හේතුවෙන් බිමට වැටී අනතුර සිදුව තිබෙනවා.

අනතුරට පත්ව සිටි අඹු – සැමියන් දෙදෙනාව එම අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා කොට්ටුකච්චිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල ලෙස තුවාල ලබා සිටි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරු කරයවා ඇතත් අනතුරුව ඇයව තව දුරටත් ප්‍රතිකාර කිරීම සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යැවීමට පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර තිබුනත් කුරුණෑගල ශීක්ෂණ රෝහල වෙත රැගෙන යමින් සිටින විට අතර මගදී ඇය අතර ගිලන් රථය තුළදීම මගදී මිය ගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මිය ගොස් ඇති කාන්තාවගේ සැමියාව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ආණමඩුව පොලීසියේ රථ වාහන අංශය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.