22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews60 හැවිරිදි පෙම්වතාගෙන් 51 පෙම්වතියට බරපතල තුවාල

60 හැවිරිදි පෙම්වතාගෙන් 51 පෙම්වතියට බරපතල තුවාල

ගල්ගමුව සිට ඇඹෝගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුළ දී පුද්ගලයෙකු විසින් කාන්තාවකට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ගල්ලෑව ප්‍රදේශයේදී කාන්තාවට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ඇහැටුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ගල්ගමුව මූලික රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශීක්ෂණ රෝහලටත් මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

ගල්ලෑව ප්‍රදේශයේදී බස්රථය නවත්වා බස්රථයට ගොඩව ඇති අදාළ පුද්ගලයා මෙලෙස කාන්තාවට පිහි ප්‍රහාරය එල්ල කර ඇති අතර පිහි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ ලෝකුරුගම, ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි එම්. කුසුමාවතී නැමැති 51 වියැති දෙදරු මවක්.

ප්‍රහාරය සිදුකළ පුද්ගලයා ඉහලගම, ගල්ලෑව ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු 60 හැවිරිදි වියේ පසුවන එක්දරු පියෙක් බවයි වාර්තා වුණේ. මොවුන් දෙදෙනා අතර වසර තුනක කාලයක සිට පැවති ප්‍රේම සම්බන්ධතාවක් බත ඇති වූ ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම කාන්තාව අදාළ පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් ඔහු රවටා වරින්වර ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ප්‍රහාරයෙන් කාන්තාවගේ ගෙළ ප්‍රදේශයට කන ප්‍රදේශයට තුවාල සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඇහැටුවැව පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි වාර්තා වුණේ.