මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දින වල පවතින අධික වියලි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසමින් තිබෙන එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා.
කාසල්රි ජලාශයේ ජල මට්ටම අද පිටාර මට්ටමේ සිට අඩි 25 ක් ද, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 50ක් පහල බැස ඇති බවයි එම ඉංජිනේරුවරුන් කියාසිටියේ.
මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහල බැසිමත් සමග එම ජලාශයේ ඉදිකිරිමේදී ජලයට යට වූ නටඹුන් රැසක් මේ වන විට මතුවෙමින් පවතිනවා.


