― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපාසල් බෑග් හා සපත්තු මිල පහළට

පාසල් බෑග් හා සපත්තු මිල පහළට

මැයි මස 09 වැනිදායින් පසු පාසල් ළමුන්ගේ සපත්තු සහ බෑග් මිල අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟ වූ බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසයි.

ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේදී එම නිෂ්පාදකයෝ මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය අතර සාකච්ඡාවක් පැවති අතර එහිදී ඔවුන් එකඟ වී ඇත්තේ පාසල් බෑග් හා සපත්තු රුපියල් 500ත් 1000ත් අතර මිලකින් අඩු කිරීමටයි.

එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා නිෂ්පාදකයින්ට පවසා ඇත්තේ ඩොලරයේ අගය අඩුවී තිබෙන බැවින් පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදනවලට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අඩුවී තිබෙන බවත් එම නිසා එහි වාසිය පාසල් ළමුන්ට ලබා දෙන ලෙසත්ය.

ඒ අනුව මැයි 09 වැනිදායින් පසුව පාසල් බෑග් සහ සපත්තුවල මිල රුපියල් 500ත් 1000ත් අතර මිලකින් අඩුකිරීමට නිෂ්පාදකයන් එකඟතාවය පළකර තිබේ.