26.7 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News18 හැවිරිදි සිසුවා පැදවු සුඛෝපභෝගී රථය විදුලි කණුවක ගැටෙයි

18 හැවිරිදි සිසුවා පැදවු සුඛෝපභෝගී රථය විදුලි කණුවක ගැටෙයි

පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකු පදවාගෙන ආ සුඛෝපභෝගී V8 වර්ගයේ ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේ දී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කිසිඳු පුද්ගලයකුට හානියක් සිදුව නොමැති අතර, ජීප් රථය පැදවූ සිසුවා කම්පනයට පත්ව පුද්ගලික රෝහලකට ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සුඛෝපභෝගී ජීප් රථය පදවාගෙන ආ සරසවි සිසුවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු බවට නිල නොවන තොරතුරු ලැබී තිබෙනවා.

වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටී පසුව විදුලි කණුවක ද ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.