29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනියම් සැමියාට සිය ගැබිණි බිරිඳ බාර දුන් අපූරු සැමියෙක්

අනියම් සැමියාට සිය ගැබිණි බිරිඳ බාර දුන් අපූරු සැමියෙක්

මුහුණු පොතෙන් හඳුනාගත් අනියම් සැමියාට සිය ගැබිණි බිරිඳ ලබා දුන් සැමි‍යෙක් පිළිබඳව අපූරු පුවතක් කුරුණෑගල, තණමල්ගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

35 හැවිරිදි මෙම බිරිඳ මුහුණපොතේ සිටි පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන ඇති අතර පසුව එම අනියම් සැමියාද නිවසට ගෙන්වා ගෙන මෙම කාන්තාව නීත්‍යානුකූල සැමියා සහ අනියම් සැමියා සමඟ කලක් සුහදව සිට ඇති බවයි පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ ගැබ් ගෙන ඇති අතර පසුව ඇය අනියම් සැමියා සමඟ එක්වී තමාට නිවසින් යන ලෙස පවසා නිතර රණ්ඩු සරුවල් කළ බවට සැමියා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ලෙන් අනතුරුව මොවුන් තිදෙනාම පොලීසියට ගෙන්වා ඇති අතර එහිදී බිරිඳ පවසා ඇත්තේ තවදුරටත් නීත්‍යානුකූල සැමියා සමඟ ජීවත්විය නොහැකි බවයි.

ඉන් අනතුරුව නීත්‍යානුකූල සැමියා විසින් සිය බිරිඳ අනියම් සැමියා වෙත බාර දී ඇති අතර සිය 10 හැවිරිදි දරුවාද බිරිඳ විසින් ඉල්ලීමත් සමඟ සැමියා සිය දරුවාද ලබා දී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.