29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ හිඟය නැති කිරීමට නව වැඩපිළිවෙළක්

ඖෂධ හිඟය නැති කිරීමට නව වැඩපිළිවෙළක්

ඉදිරියේදී ඖෂධ හිඟයක් ඇති නොවීමට රජයෙන් නව වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට – සැවොම එක මඟට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඖෂධ ගෙන්වීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට රජය පියවර ගෙන ඇති බවයි.

මේ මොහොත වනවිට අපේ මධ්‍යම ඖෂධ ගබඩාවේ තිබිය යුතු බෙහෙත්වලින් 190ක වගේ ප්‍රමාණයක් 800කින් අඩුව තියෙනවා. හැබැයි ආරෝග්‍යශාලාවල 90ක් වගේ තමා අඩුව තියෙන්නේ. මොකද අපිට මාසයකට විතර බෙහෙත් ඒ ආරෝග්‍යශාලාවල තියෙනවා. හැබැයි අපිට තාම පාලනය කරන්න පුළුවන් තැනක තියෙනවා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයටත්, ජනාධිපතිවරයාටත් විටින් විට මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. හෙට කැබිනට් මණ්ඩලයට වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ විශ්වාසයක් තියෙනවා මේ තාවකාලිකව ඇතිව තිබෙන බෙහෙත් හිඟය නිවැරදි කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා.