― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ගෙවන්න ඉන්දියාව තව කල් දෙයි

ණය ගෙවන්න ඉන්දියාව තව කල් දෙයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය බර අඩු කර ගැනීමට සහය වීම සඳහා එම ණය ගෙවීමට ශ්‍රී ලංකාවට වසර 12 ක කාලයක් ලබාදීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඉන්දීය අපනයන ණය ඇපකර සංස්ථාවේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්.සෙන්තිල්නාදන් මේ බව පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාව එහි ද්විපාර්ශ්වික ණය හිමියන්ට ඩොලර් බිලියන 7.1ක් ණය ඇති අතර
චීනයට ඩොලර් බිලියන 3ක්, පැරිස් සමාජයට ඩොලර් බිලියන 2.4ක්, ඉන්දියාවට ඩොලර් බිලියන 1.6ක් ගෙවිය යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා පැවැත්වෙනවා.

ප්‍රතිව්‍යුහගත කිරීමේ මූල්‍ය පහසුකම් ලැබීමෙන් පසු, නිශ්චිත කාලයක් තුළ, විශේෂයෙන් වසර 3-4 කින් ශ්‍රී ලංකාවෙන් ලබා ගත යුතු ණය වසර 10 සිට 12 දක්වා දීර්ඝ කළ හැකි බව ඉන්දීය අපනයන ණය ඇපකර සංස්ථාවේ සභාපති සෙන්තිල්නාදන් පැවසීය.