නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ඒකකයක් අද (08) අලුයම ක්රියා විරහිත වී තිබෙනවා.
මෙගා වොට් 270ක් නිපදවන ඒකකයකුයි මෙලෙස ක්රියා විරහිත වී ඇත්තේ.
නොරොච්චෝලේ නඩත්තු කටයුතු සඳහා ජුනි මාසයේදී තවත් ඒකකයක් වසා දැමීමත් සමඟම බලාගාරයේ විදුලි ජනන ඒකක තුනෙන් දැනට ක්රියාත්මක වන්නේ එක් ඒකකයකින් පමණක් බවයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග පවසයි.


