ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද (08) උදෑසන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විදුලිය විසන්ධි කර තිබේ.
කෙසේනමුත් විදුලිය කපාහැර පැයක කාලයක් ඇතුළත දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සඳහා යළි විදුලි සැපයුම ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
විදුලි බල මණ්ඩලය විසින් නිසි වේලාවට විදුලි බිල ලබා නොදීම හේතුවෙන් ඇතිවූ අර්බුදයක් මත මෙම තත්ත්වය හටගෙන තිබේ.


